Lyrics

චංචල වී හැඟුම් රැයක් ගානේකඳුලැල් එනවාමයි හඳ පානේපායා දියවී යන දේදුන්නේදියවී යනවා ඔය ආදරේඔබ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයිමායාවක්මයි ආදරේමායාවක්මයි ආදරේ
 
චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේකඳුලට ඈයි අඬ ගසන්නේ හඳ පානේයස එළිමහනේ රස තියෙද්දි ආදරේදේදුන්න කියන මායාවද ලුහු බැන්දේඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයිමායාවක්මයි ආදරේමායාවක්මයි ආදරේ
 
මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේදැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේමිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේදැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේපැන සීමාවන් රස බලද්දී ආදරේපැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේපැන සීමාවන් රස බලද්දී ආදරේපැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේඔබ කී ලෙසටම ආයේදුක නම් ළංවෙනවාමයිමායාවක්මයි ආදරේමායාවක්මයි ආදරේ
 
ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
 
ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේදුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේදුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේඔබ කී ලෙසටම ආයේපාළුව ළංවෙනවාමයිමායාවක්මයි ආදරේමායාවක්මයි ආදරේ

Chanchala Hangumaka

Format : CD

Performed by
Sanka Dineth

Written by
Kelum Srimaal

Produced by

Source: Evoke Music