Nomiyana Minisa
Music Direction – Sanka Dineth
Lyrics – Sashika Vishan
Vocals – Raween Kanishka
Mixed & Mastered by – ChamelShav
“නොමියන මිනිසා” ගීතයේ කථාව
නොමියන මිනිසා, ගීතයෙන් කියැවෙන්නේ පුණරුප්පත්තිය නැතිනම් නැවත ඉපදීම පිලිබඳවයි. තෙරක් නොපෙනන ලෝකයේ නැවත නැවත ඉපදී මැරෙන ආත්මයන් පිළිබදවයි.
මා මෙම ගීතය ලිවීමට පාදකවුයේ කටුණායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩ වාසය කරන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ අමිල දේශණයන්ය. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් යනු ශ්‍රී ලංකාවේ විසු පුණරුප්පත්ති කථාවන් පිළිබඳව ප්‍රසිද්ධියක් ඉසිලූ, අපවත් වී වදාල අති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත අභිධජ මහා රට්ට ගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මා හිමිපාණන්ගේ මහත්වු සම්භාවනාවට හා ගෞරව ආදරයට පාත්‍ර වු, අද ලෝකයේ වසන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එකම අපොස්තුළුතුමන්ය.
ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් ගැන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක හිමිපාණන්ගේ අදහස්, නැමති ග්‍රන්ථයේ 47 වෙනි පිටුවේ මහා නායක හිමිපාණන්ගේ අත් අකුරෙන් මෙසේ සදහන් කර ඇත. ,
“ආර්. ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා විසින් ලියන ලද, “ක්‍රිස්තුස් වහන්සේ වදාළ ධර්මය තුලින් පුනරුත්පත්තිය”, නැමති ග්‍රන්ථය මම කියැවිමි, මේ ග්රන්ථ කතෟ තුමා ජාතිස්මරණ ඥානය ඇති එසේම භාවනාවෙහි යෙදී සිටින කෙනෙකු බව ද දනිමි. මෙය ආගම් භේදයකින් තොරව කවර කෙනෙකු විසින් වුවද කියවිය යුතු ප්‍රයෝජනවත් පොතකි. මෙයින් ජනතාවට සෙතක් වේවා.”
මෙයට,
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර
අදටත් අප අතර ජිවත් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් පිලිබදව මෙම අවස්ථාවේදී මෙයට වඩා යමක් ලිවීමට මම අදහස් නොකරමි.
සංඛ දිනෙත් යනු අද සිටින නවක සංගීත අධ්‍යක්ෂකවරුන් අතරින් විවිධ ගනයේ කුසලතා පූර්ණ, බොහොම නිරහංකාර, තමන්ගේ සංඛේතයක් ගොඩනගා ගෙන සිටින තරුණයෙකි. රවීන් කණිෂ්ක යනු බෝහෝම කාර්යය බහුල සංගීත හා රංගන ක්ෂේත්රයේ නියුතු, තරුණ හදවත් දිනා තමන්ගේම සංඛේතයක් ගොඩනගා ගැනීමට වෙහෙසෙන තවත් තරුණයෙකි.
අද ශ්‍රී ලංකාවේ නවකයන්ගේ සංගීතකරණය ඇද වැටී ඇති තත්වය වෙනස් කරමින්, අප තිදෙනා විසින් අවබෝධයකින් යුතුව උඩුගම්බලා ගුණාත්මක දෙයක් කිරීමට දරන අවංක උත්සහයකි මේ.
ශ්‍රී ලාංකික බාල තරුණ මහළු නවක ප්‍රවීන සියළු දෙනා අපගේ මෙම උත්සහය ආදරයෙන් වැලඳ ගෙන, මෙවැනි ගුණාත්මක හා කලාත්මක අගයෙන් පිරිපුන් දේ කිරීමට තරුණ අපව තව තවත් උනන්දු කරනු ඇතැයි අප සිතමු. මෙවන් යථාර්තවාදී අර්ථාන්විත තවත් නිර්මාණයකින් අප නැවත හමුවෙමු.
සශික විශාන්
The story of “NomiyanaMinisa”
The song “Nomiyana Minisa” talks about reincarnation or rebirth. It talks about the continuation of birth cycles of souls in this never-ending world. The impeller for me to compose the lyrics of this song were, the priceless sermons of His Holiness The Apostle Rohan Lalith Aponso who resides at Our Lady of Katunayake’s Shrine. His Holiness The Apostle Rohan Lalith Aponso is the only living Apostle of Jesus Christ in this world who was much honoured by late Agga Maha Pandita Abhidaja Maha Ratta Guru Balangoda Ananda Maithreya Thero, who was renowned for rebirth stories in Sri Lanka. Ven. Ananda Maithreya Thero has written in his own Sinhala handwriting, on page 47, in the book “Shudhdoththama Aposthalika Piyathuman gena Balangoda Ananda Maithreya mahanayaka himipanange adahas”. (The views of Balangoda Ananda Maithreya Thero about His Holiness The Apostle);
“I read the book; Kristhus wahanse wadala dharmaya thulin punaruppaththiya (Reincarnation through the sermons of Jesus Christ) by Apostolic Father R. Lalith Aponso, and I know that the author possesses an intelligence to recall previous births and is involved in meditation. This is a useful book which all should read irrespective of religious differences. All mankind may benefit from this. -Annanda Maithreya Thero”
I do not expect to write anything more than this about the living Apostle His Holiness Rohan Lalith Aponso at this moment.
Sanka Dineth who has made a unique image of himself is a young humble Music Director with diverse talents. Raveen Kanishka is a very busy, energetic young man
who is involved in the fields of music and acting who is trying to make his own unique image by winning the hearts of the youth. This is a genuine effort of the three of us to swim upstream by knowing where we heading to uplift the degrading standards of music in Sri Lanka by introducing a quality work of art.
We hope that young, old, novices and veterans alike will embrace this effort with love and motivate the young creators more and more. Let’s meet again with another realistic and a meaningful creation like this.
Sashika Vishan